Header Ads Widget

Responsive Advertisement

මේක මට උන ඇත්තම සිද්ධියක්. කෙටියෙන් කියන්නම්.

 



මේක මට උන ඇත්තම සිද්ධියක්. කෙටියෙන් කියන්නම්.

මේක උනේ 2014 අතර. මම මේක මේ ගෲප් එකේම ලිව්වා 2017 විතර. නමුත් ටයිප් කරලා පෝස්ට් කරන්න යද්දිම දෙපාරක් හේතුවක් නැතුවම ස්ක්රීන් එකෙන් අයින් උනා..
කළුතර අය නම් දන්නවා මේ හරිය.. නම කියන්න බෑ. කලින් හරියටම තැන දැම්මට පෝස්ට් එකෙන් තැන අයින් කරන්න උනා පොඩි ප්රශ්නයක් නිසා..
රබර්,කුරුදු සහ වල්ගස් තියෙන ලොකු කැලයක් තියෙනවා. මහා ඝන කැලෑවකුත් නෙමේ.. හැබැයි හරි අඳුරුයි. ඒ මැද්දෙ තියෙන පාරෙ වාහන මිනිස්සු යනවා.
හැබැයි රෑ 7-8න් පස්සෙ ඔතනින් මිනිස්සු යන්නෙම නෑ.
ඔළුවක් නැති එකෙක් පාරෙ වාහන වලට අතදානවලු.. බීල වීල් එකක යනගමන් වංගුවකදි ඔලුව දාන් ගිහින් කන්ටේනර් එකක පැටලිලා ඔළුව කැඩුන මෑන් කෙනෙක්ලු ඒ. ඒ සිද්දිය මටත් මතකයි..
අනික ඔය පාරෙ එද්දි රබර් කැලේ ඇතුලෙන් සුදු සාරියක් ඇඳපු ගෑනු කෙනෙක් දුවගෙන එනවලු පස්සෙන්.. එහෙම බය උන කීප දෙනෙක් ගැන දැනං හිටිය..
හරි. මට ඔය ප්ලේස් එක සම්බන්ධ සිද්දි 2න් එකක් කියන්නම්. හොල්මන් වැඩිය මායිම් නොකරපුම කෙනෙක් මම...
ඔය හරියෙ එක පැත්තක ලොකු වෙල් යායක් එක්ක රබර් වත්ත. ඒ පැත්තට මම ගිහින් නෑ.. සොහොනක් එහෙම තියෙන මූසල පැත්තක්..
පාරෙ අනිත් පැත්තෙ තියෙන කැලේ ඉතුරු කොටසෙ ලොකු රබර් වත්තක් තිබූන. ඒක අයිනෙන් ගියාම 2km විතර කැලෑවෙ ඇතුලෙ ඉඩමක් තියෙනවා..
ඕකෙ අපි වගාවක් කරා ඔය කියපු 2014 කාලෙ. ඒ ඉඩම වල් වැදුන වල් ඌරො, ඉත්තෑවො එහෙම ලගින එකක්.. ඕක අපි ඩෝසරයක් ගෙන්නලා ෆ්ලැට් කරද්දි අවුරුදු 100ක් විතර පරන ගෙවල් වල කෑලි, පරන වහපු ලිං වගේ ඒවත් තිබුනා.
කොහොමින් හරි මම ඒ කාලෙ රෑ වැඩත් කරපු නිසා දවල් ඔය වත්තෙ කුලී කාරයෙක් හෙම දාන් වැඩ කරගත්තා.
පැල උසට තියෙන කාලෙ හරි ආසයි. මම දවල් ඔය ඉඩමේ වැඩ කරලා අමතක වෙලා මොකක් හරි දාල ගියා.. හරියටම මතක නෑ.මොකක්ද කියල ලොකු වටින දේකුත් නෙමේ..
නමුත් රෑ වැඩට යද්දි ඔය ඉඩමට එන අර කලින් කිව්ව පාර හරහා යන නිසා එදා රෑ වැඩට යන වෙලාවෙ ඉඩමට ගිහින් ඒකත් අරන් , වගාවත් බලලා එන්න හිතුවා....
හවස 6.30ට -7ට විතර මම ගියා බයික් එකෙන්..බයික් එකේ තියෙනවා හෙල්ලුනාම හෙඩ් ලයිට් එක පාරටම නිවෙන සීන් එකක්.
ඒ ඉඩම අපි වවපු හරිය ඇරුනම වටේම කැලෑව.. වටේම ගොරක ගස්..
කැලෑව නිසා 5-6 වෙද්දි ඉක්මනට කළුවර වෙනවා..ඉඩම අක්කරයක් ලොකුයි.
මම අර අමතක උන දේ දාල ආවෙ වත්ත කෙලවරේම තිබුන පරන පොඩි ලිඳක් ගාව. ඒ වගේ ලිං ගොඩක් ඒ වත්තෙ තියෙනවා. ලිං කියන්නෙ පොඩි වලවල්. ඉස්සර කාලෙ කවුරුහරි වතුර ගන්න කපපු වලවල් අවු.100කට විතර කලින්..
මම ගිහින් වගාව බලබල ඉඳලා , අර දේ ගන්න යද්දි හොඳටම කළුවරයි.. මම වැටමායිමේ තිබුන ඒ දේ අරන් එන්න හදද්දි කවුද ස්ස්ශ්.. ගානවා..
හැරිල බලන් උන්නම ඒක නෑ. ආයෙ බයික් එක පැත්තට යද්දි ආයෙ ස්ස්ස් ගානවා. හැරුනම නෑ..
හොල්මන් විශ්වාස නොකරත් ඔය වගේ වෙලාවක බයිට් කරන කෙනෙක් නැති බවත් දන්න නිසා මම ඉක්මනට ඇවිදන් ගියා.
ඒ අතර තුරේ එක දිගටම ශ් ශ්.. ගානවා..
ඉක්මනට ගිහින් කඩුල්ල වහලා බයික් එකට නැග්ගාම යතුර නෑ. දැන් සනීපයි. වැටිලා ඇති.කියල හිතන් ආයෙ අර පැත්තටම ඇවිදන් ගියා ෆෝන් එකේ ටෝච් එක ගහන්.
හරියටම යතුර අර වැට මායිමේම බිම තිබුනා.
ඒත් මට මතකයි මම යතුර ගැලෙව්වෙ නෑ කියල බයික් එකෙන්.
ඕන මගුලක් කියල යතුර අරන් පය ඉස්සර කරල එද්දි අර සද්දෙ එක්කම කැලේ ඇතුලෙන් ගෑනියෙක් විකාරයෙන් වගේ හිනාවෙන සද්දයක් ලඟ ලඟම.
ඒ බයා උන බයවිල්ලට දුවන් ඇවිත් ඉක්මනටම බයික් එකේ නැගලා එන්න හදද්දි ලයිට් පත්තුවෙන්නෑ. අර ලෙඩේ නිසා.
දැන් ඔලුවේ ලේ ගමනාගමනය දැනෙනවා බයට. පපුව ඩිග් ඩිග් ගානවා.. ඇඟ සීතල වෙලා. ආයෙ මොකක්ද ඉතිපිසෝ ගාථාව කිය කිය බයික් එක අරන් 200ට විතර රේස් කරලා ගල් උඩින් ,මඩ වගුරුවල එරි එරි , වංගු ක්ශනිකව කෙලින් කරලා, රබර් ගස් අස්සෙන් විදලා ගිය පාර මම නැවතුනේ වැඩ කරන ඔෆිස් එකේ ගේට් එක ගාව...
ඔය සිද්දිය ඊලඟ දවසේ ගෙදර අයට කිව්වම මොකුත් නොකියා හිටියා එයල.. ඊට පස්සෙ කිව්වා ආයෙ ඔය වත්තට මද්දහනටයි ,හවස 5-6න් පස්සෙයි යන්න එපා කියල.. හේතුව අහන්නෙපා කිව්ව.
පස්සෙ පෙරැත්ත කරල කරලා අහගත්තා හේතුව..
ඉස්සර ඔය කැලේ ගෙවල් හදන් දෙමල පවුල් ඉඳලා කීපයක්. රබර් වතු වැඩට ආපු අය වෙන්නැති.
ඒ ගෙවල්වල අත්තිවාරන්ලු ඒ.. ඒයගෙ ලිංලු ඒ. ඕවවල හිටපු දෙමළ අය එක කාලෙක ඒ රෙ පැතිවලට ආයෙ ගිහින්. නමුත් එක පවුලක් ඉඳලා.. ඒ ගෙදර පොන්නම්මා කියල ලස්සන ගෑනු කෙනෙක් ඉඳලා.
ගමේ ඒ කාලෙ ඉඳපු නාහෙට නාහන මිනිස්සු කීපදෙනෙක් ඔය ගෑනු කෙනාව රේප් කරලා, වත්තෙ තිබුන අර මම කියපු වගේ ලිඳකට දාලා පස් දාල වහල.. ඒ ගෙදර හිටපු අනිත් අහිංසක මිනිස්සු ගම දාල ගිහින්.. කාලෙකට පස්සෙ ඔය සිද්ධි මතුවෙලා හොයද්දි ඔය වැඩේට සම්බන්ධ 4 දෙනා ඒ වෙද්දිත් මැරිලාලු.නයි ගහලා, කළු ගඟේ ගිලිලා, අනිත් කෙනාගෙ ඔලුවට ගහක අත්තක් වැටිලා 3 දෙනෙක් මැරුනාම අනිකා බෙල්ලෙ වැලදාගෙන..
ඊට පස්සෙ කාලයක් යනකල් මම ඔතනින් ගියෙ නෑ රෑට. එතනින් යද්දි හරියටම ඒ පාර ගාවදි ලයිට් ඕෆ් වෙන සීන් එකක් ආපු නිසා.
මේක වෙලා කාලයක් ගියත් ඔය සිද්ධිය අමතක වෙන්නෑ උන බයවිල්ලට.. වෙන කෙනෙක් උනා නම් එදා තොවිල් නටන්න වෙනවා. තැන දැනගන්න ඕන නම් ඉන්බොක්ස් කරන්න.. හොල්මන් බලන්න ආස කෙනෙක් ඉන්නවනං ඔතන රැයක් ඉන්න සෙට් කරන්නම්..

Post a Comment

0 Comments